අද (03) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 13,168ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,541ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 43ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,178ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සම්පත් බැංකුව මිලියන 236
- කොමර්ෂල් බැංකුව මිලියන 227
- එලිෆන්ට් හවුස් සමාගම මිලියන 210
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 3.1
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 1.6
- සම්පත් බැංකුව කොටස් මිලියන 1.6
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ආර්පිකෝ ඉංෂුවරන්ස් 06%
- රේණුක හෝල්ඩිං එක්ස් සමාගම 04%
- ලාෆ්ස් ගෑස් එක්ස් සමාගම 04%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 422
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 358
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 343
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 02ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 160ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 158ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කර ගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- බෝගල ග්‍රැෆයිට් රුපියල් මිලියන 01
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- සම්පත් බැංකුව රුපියල් මිලියන 53
- එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 41
- ඒ සී එල් කේබල්ස් රුපියල් මිලියන 30
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



