අද (06) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 17,787ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,354ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 98ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,080ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- වින්ඩ් ෆෝස් මිලියන 372
- සිංගර් ශ්‍රී ලංකා මිලියන 112
- එලිෆන්ට් හවුස් සමාගම මිලියන 47
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- වින්ඩ් ෆෝස් සමාගම කොටස් මිලියන 9.2
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 2.1
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 02
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් 20%
- රේණුක හෝල්ඩිං එක්ස් සමාගම 06%
- මහවැලි රීච් හොටෙල් සමාගම 05%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 418
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 356
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 342
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 16ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 332ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 316ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කර ගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 09
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- වින්ඩ් ෆෝස් සමාගම රුපියල් මිලියන 311
- කාගිල්ස් බැංකුව රුපියල් මිලියන 07
- හේලීස් සමාගම රුපියල් මිලියන 02
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



