අද (07) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 16,528ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,536ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 118ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,962ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම මිලියන 306
- සතොස මෝටර්ස් මිලියන 129
- වින්ඩ් ෆෝස් සමාගම මිලියන 90
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 15
- එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 06
- එච් එන් බී ෆයිනෑන්ස් සමාගම කොටස් මිලියන 3.8
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ලේක් හවුස් ප්‍රින්ටර්ස් සමාගම 06%
- කාගෝ බෝට් සමාගම 05%
- ඊ චැනලින් සමාගම 04%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 410
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 354
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 341
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 36ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 221ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 185ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කර ගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- හේකාබ් සමාගම රුපියල් මිලියන 13
- සතොස මෝටර්ස් සමාගම රුපියල් මිලියන 10
- සම්පත් බැංකුව රුපියල් මිලියන 04
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- වින්ඩ් ෆෝස් සමාගම රුපියල් මිලියන 80
- ජෝන් කීල්ස් රුපියල් මිලියන 47
- ඒ සී එල් කේබල්ස් සමාගම රුපියල් මිලියන 41
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



