අද (08) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 19,668ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,257ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 133ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,828ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- රේණුක ෆුඩ්ස් සමාගම මිලියන 450
- ජෝන් කීල්ස් සමාගම මිලියන 443
- ඊ බී ක්‍රීසි සමාගම මිලියන 167
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 104
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 22
- රේණුක ෆුඩ්ස් සමාගම කොටස් මිලියන 18
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම 60%
- ටෙස් ඇග්‍රො සමාගම 11%
- මයි ලෑන්ඩ් සමාගම 07%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 404
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 354
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 340
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 108ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 131ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 22ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කර ගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 64
- අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 15
- හේකාබ් රුපියල් මිලියන 04
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 79
- එලිෆන්ට් හවුස් රුපියල් මිලියන 22
- කාර්ගිල්ස් බෑන්ක් රුපියල් මිලියන 05
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



