අද (09) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 17,090ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,438ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 130ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,697ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- හේමාස් සමාගම මිලියන 184
- ඇක්සස් ඉංජිනියරින් සමාගම මිලියන 161
- මෙල්ස්ටා ක්‍රොප් සමාගම මිලියන 116
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 70
- හේමාස් හෝල්ඩිංස් සමාගම කොටස් මිලියන 5.7
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 5.4
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- හොරණ ප්ලාන්ටේෂන් සමාගම 07%
- ටෙස් ඇග්‍රො එක්ස් සමාගම 07%
- ගලධාරී සමාගම 05%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 402
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 352
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 337
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 46ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 133ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 92ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කර ගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- ඇක්සස් ඉංජිනියරින් සමාගම රුපියල් මිලියන 30
- හේකාබ් සමාගම රුපියල් මිලියන 04
- ලංකා අයි ඕ සී රුපියල් මිලියන 02
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- හේමාස් හෝල්ඩිංස් සමාගම රුපියල් මිලියන 63
- හේලීස් රුපියල් මිලියන 33
- ඩයලොග් ආසියාටා රුපියල් මිලියන 26
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



