අද (13) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 19,548ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,036ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 233ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,532ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සම්පත් බැංකුව මිලියන 109
- මෙල්ස්ටා ක්‍රොප් සමාගම මිලියන 92
- හැටන් නැෂනල් බැංකුව එක්ස් මිලියන 69
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 37
- සිට්‍රස් වස්කඩුව සමාගම කොටස් මිලියන 5.4
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් කොටස් මිලියන 3.6
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඔඩෙල් සමාගම 04%
- මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් සමාගම 04%
- ලන්කෙන් ඩිවලොප්මන්ට් සමාගම 03%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 402
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 352
- සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 336
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 37ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 93ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 56ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කර ගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 15
- හේලීස් සමාගම රුපියල් මිලියන 06
- ලංකා ලුබ්රිකන්ට් රුපියල් මිලියන 03
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- සම්පත් බැංකුව රුපියල් මිලියන 68
- සෙලාන් බැංකුව රුපියල් මිලියන 15
- එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 03
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



