27.5 C
Galle

වැලි වැටලීමකට ගිය සාජන් මහවැලි ගඟට වැටී ජීවිතක්ෂයට

Published:

මුතුර්, චිත්තන්තෙට්ටි ප්‍රදේශයේ සිදුවෙමින් පැවති නීති විරෝධී වැලි ගොඩදැමීමක් වැටලීම සඳහා ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) සාජන්වරයෙකු මහවැලි ගඟට වැටී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ කන්තලේ සූරියපුර පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අනියුක්තව සේවය කළ, 41 හැවිරිදි වියේ පසුවූ නිලධාරියෙකි.

මෙම නිලධාරියා ඊයේ (12) රාත්‍රී 7.00 ට පමණ තවත් නිලධාරීන් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ මෙම වැලි වැටලීම සඳහා ගොස් ඇති අතර, එහිදී ඔහු මෙම අනතුරට මුහුණ පා ඇත.

ගඟට වැටීමෙන් පසු මෙම සාජන්වරයා නඩවුත්තු ප්‍රදේශයට ගසාගෙන යන්නට ඇතැයි සැක කෙරුණු අතර, ඒ අනුව අද (13) උදෑසන නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් එම ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඔහුගේ මළ සිරුර සොයා ගැනීමට හැකි වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අංශ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

Related articles

spot_img
error: Content is protected !!