31.6 C
Galle

ගාල්ල බන්ධනාගාරය ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට!

Published:

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ, ගාල්ල බන්ධනාගාරය අසල අද (16) පෙරවරුවේ සිදු වූ මාරක රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල, නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි ශ්‍රියාලතා ගුණවර්ධන නම් ව්‍යාපාරික කාන්තාවකි.

පොලිසිය සඳහන් කළේ කරාපිටිය, ගාල්ල පුද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් එකම දිශාවකට ගමන් කරමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති බවයි. ගාල්ල, කළුවැල්ල ප්‍රදේශයේදී සිදු වූ මෙම ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කරමින් සිටි කාන්තාව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුර සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ ගාල්ල පොලිසිය විසින් අදාළ පුද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සහ වැඩිදුර විමර්ශන ගාල්ල රථවාහන පොලිසිය විසින් මෙහෙයවනු ලබයි.

Related articles

spot_img
error: Content is protected !!