අද (16) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 163,687ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,486ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 29ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,447ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ඊ බී ක්‍රීසි මිලියන 410
- ඒ සී එල් කේබල්ස් සමාගම මිලියන 114
- සම්පත් බැංකුව මිලියන 96
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඊ බී ක්‍රීසි සමාගම කොටස් මිලියන 10
- එස් එම් බී ලීසින් එක්ස් සමාගම කොටස් මිලියන 3.5
- ජෝන් කීල්ස් කොටස් මිලියන 3.3
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ටෙස් ඇග්‍රො සමාගම සමාගම 05%
- ඩර්ඩන්ස් එක්ස් සමාගම 05%
- රේණුුක හෝල්ඩිංස් සමාගම 04%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 408
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 354
- සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 337
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 70ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 98ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 27ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කර ගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- හේකාබ් සමාගම රුපියල් මිලියන 28
- ඊ බී ක්‍රිසි සමාගම රුපියල් මිලියන 08
- ඩොක්යාඩ් රුපියල් මිලියන 08
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- සම්පත් බැංකුව රුපියල් මිලියන 63
- ජෝන් කීල්ස් රුපියල් මිලියන 09
- සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 06
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



