අද (17) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 13,626ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 722ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 42ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,405ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සම්පත් බැංකුව මිලියන 88
- ලංකා අයි ඕ සී සමාගම මිලියන 37
- ජෝන් කීල්ස් මිලියන 32
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 05
- එස් එම් බී ලීසින් එක්ස් සමාගම කොටස් මිලියන 1.9
- ජෝන් කීල්ස් කොටස් මිලියන 1.6
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- පීපල්ස් ඉංෂුවරන්ස් සමාගම සමාගම 06%
- ඊ බී ක්‍රීසි සමාගම 04%
- මයි ලෑන්ඩ් සමාගම 04%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 406
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 352
- සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 336
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 15ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 123ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 108ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කර ගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- හේකාබ් සමාගම රුපියල් මිලියන 04
- ඇක්සස් ඉංජිනියරින් සමාගම රුපියල් මිලියන 01
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- සම්පත් බැංකුව රුපියල් මිලියන 61
- ලංකා ලුබ්රිකන්ට්ස් රුපියල් මිලියන 29
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 13
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



