30.5 C
Galle

අපේ පෘථිවිය වගේ තවත් ලෝකයක්?

Published:

අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත, ජීවයක් පැවතිය හැකි මට්ටමේ පරිසරයක් සහ වායුගොලයක් ඇති පෘථිවිය වැනිම පාෂාණමය ග්‍රහලොවක් පවතින බව විද්‍යාඥයින් විසින් ප්‍රථම වරට සොයාගෙන තිබේ. පිටස්තර ලෝකයක ජීවීන් සිටිනවාදැයි සෙවීමේ මානව ගවේෂණයේ ඉතා වැදගත් පියවරක් ලෙස මෙම සොයාගැනීම සැලකේ.

විද්‍යාඥයින් පවසන පරිදි මෙම විශේෂ ග්‍රහලොව නම් කර ඇත්තේ LHS 1140 b යන නමිනි. එය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 48ක් ඈතින් පිහිටි කුඩා, සිසිල් රතු තරුවක් වටා ගමන් කරයි.

ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කළ මෙම සොයාගැනීම ගැන අදහස් දක්වන ආචාර්ය කොලින් චෙරුබිම් පැවසුවේ, “මෙය ඉතා ලොකු ජයග්‍රහණයක්. වෙනත් තරුවක් ළඟ තියෙන පෘථිවිය වගේ ග්‍රහලොවකින් වායුගෝලයක් සොයාගත්තු පළමු අවස්ථාව මෙයයි” යනුවෙනි.

විශ්වයේ මෙතෙක් ග්‍රහලෝක 6,000කට වඩා සොයාගෙන තිබුණත්, ජීවයක් පැවතීමට නම් එම ග්‍රහලොව තම මව් තරුවේ සිට අධික උණුසුම් හෝ අධික සීතල නොවන “නිවැරදිම දුරකින්” (Goldilocks zone) පිහිටිය යුතුය. මෙම නව ග්‍රහලොව පිහිටා ඇත්තේ එවැනි ජීවයට හිතකර කලාපයක බව විද්‍යාඥයෝ පවසති.

දැනට මෙම වායුගෝලයේ ඉහළ ස්ථරයෙන් හඳුනාගෙන ඇත්තේ හීලියම් (Helium) වායුව පමණි. හීලියම් වායුවෙන් පමණක් ජීවීන්ට ජීවත් විය නොහැකි වුවත්, එහි පහළ මට්ටම්වල ජීවයට අවශ්‍ය වෙනත් වායූන් වර්ග තිබීමට ඉඩ ඇති බව විද්‍යාඥයෝ විශ්වාස කරති.

මේ වන විටත් අභ්‍යවකාශයේ ඇති වෙනත් ග්‍රහලෝක (උදාහරණ ලෙස K2-18b සහ TRAPPIST-1 පද්ධතියේ ග්‍රහලෝක) පිළිබඳව පර්යේෂණ සිදු වෙමින් පවතින නමුත්, ඒවායින් ජීවයක් හෝ ස්ථිර වායුගෝලයක් ගැන මෙතෙක් පැහැදිලි සාක්ෂි ලැබී නොමැත.

එබැවින්, පෘථිවියෙන් පිටත සැබවින්ම ජීවයක් පවතීද යන සදාකාලික ප්‍රශ්නයට පිළිතුරු සෙවීම සඳහා මෙම නව සොයාගැනීම විද්‍යා ලෝකයට මඟ පාදන විශාල බලාපොරොත්තුවක් වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!