අද (21) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 15,914ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3275ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 62ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,145ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- කාර්ගිල්ස් ලංකා සමාගම මිලියන 2325
- මෙල්ස්ටා ක්‍රොප් සමාගම මිලියන 181
- නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මිලියන 49
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 05
- කාගිලිස් සමාගම කොටස් මිලියන 3.6
- මර්චන්ට් බැංකුව ආර් කොටස් මිලියන 3.1
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- මර්චන්ට් බැංකුව ආර් සමාගම 100%
- එන් ටී බී බැංකුව එක්ස් 13%
- අශෝක් ලේලන්ඩ් සමාගම 06%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 402
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 351
- සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 336
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 142ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 62ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 80ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- කාර්ගිල්ස් සමාගම රුපියල් මිලියන 63
- නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 32
- එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 28
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඒ සී එල් කේබල්ස් රුපියල් මිලියන 20
- ඩිප් ප්‍රොඩක්ට් රුපියල් මිලියන 09
- සම්පත් බැංකුව සමාගම රුපියල් මිලියන 06
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



