27.1 C
Galle

අද කොටස් වෙළඳපළ

Published:

අද (22) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 14,724ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3531ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 03ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,149ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ඔනලි හෝල්ඩිංස් සමාගම මිලියන 2262
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මිලියන 160
  • ඩයලොග් ආසියාටා මිලියන 130

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඔනලි හෝල්ඩිංස් සමාගම කොටස් මිලියන 47
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 2.9
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 2.5

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස් එම් බී ලීසින් සමාගම 11%
  • හපුගස්තැන්න වැවිලි සමාගම 08%
  • කෑගල්ල වැවිලි සමාගම 08%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 402
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 347
  • සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 336

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 82ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 322ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 240ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • හේකාබ් සමාගම රුපියල් මිලියන 39
  • සී ඩී බී බැංකුව රුපියල් මිලියන 18
  • ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම රුපියල් මිලියන 10

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ඩයලොග් ආසියාටා රුපියල් මිලියන 97
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 54
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන‍ 36

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!