ගාල්ල, නාකියාදෙණිය වතුයායේ කිතුල්හේන කොටසේ ලයින් නිවාසවල පදිංචි පවුල් පහක් සඳහා සෙවිලි තහඩු ලබාදීමේ වැඩසටහනක් වතුකරයේ ජනතා හඬ සංවිධානයේ මූල්‍ය දායකත්වයෙන් පසුගියදා පැවැත්විණි. මෙම වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ දෙකහමාරකට අධික වටිනාකමකින් යුතු සෙවිලි තහඩු 85ක් ලබාදීම සිදුවිය. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස අබලන් වූ නිවාස යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් මෙම ආධාර වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.
මෙම අවස්ථාවට වතුකරයේ ජනතා හඬ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ඇන්තනී ජේසුදාසන් මහතා, වැඩසටහන් අධ්‍යක්ෂිකා ලවිනා හසන්ති පෙරේරා මහත්මිය ඇතුළු සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් කමිටුවේ සහ කාන්තා කමිටුවේ නිලධාරීන්, සාමාජික සාමාජිකාවන් මෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වූහ.
සංවිධානය සඳහන් කළේ, ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වතුකර ජනතාවගේ ජීවන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉදිරියටත් මෙවැනි සමාජ සත්කාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.










