27.1 C
Galle

හඳුන් දිවි පැටවුන් තිදෙනාට නම් තැබීමට අවස්ථාවක්

Published:

පින්නවල සත්වෝද්‍යානයේ උපත ලැබූ හඳුන් දිවි පැටවුන් තිදෙනා ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනයට එක් කිරීමට සමගාමීව, ඔවුන්ට නම් තැබීම සඳහා විවෘත තරගයක් ආරම්භ කර තිබේ.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අගෝස්තු 8 දිනට යෙදෙන ලෝක බිළාල දිනය නිමිත්තෙන් මෙම වැඩසටහන සංවිධානය කර ඇති බවයි.

මෙම තරගය සඳහා හඳුන් දිවි පැටවුන්ට ගැළපෙන නිර්මාණාත්මක හා අර්ථවත් නම් යෝජනා කිරීමට සත්ව ලෝලීන්ට ආරාධනා කර ඇත. ඒ අනුව ගැහැණු නම් තුනක් සහ පිරිමි නම් තුනක් යෝජනා කළ හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.

ලැබෙන යෝජනා අතරින් හොඳම නම් තෝරා ගැනීම සඳහා විනිශ්චය මණ්ඩලයක් පත් කර ඇති අතර, ජයග්‍රාහකයන්ට ලෝක බිළාල දින සැමරුම් උත්සවයේදී විශේෂ ත්‍යාග පිරිනැමීමට නියමිතය.

තරගයට අයදුම්පත් ගූගල් පෝරමය හරහා අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කළ හැකි අතර, අයදුම්පත් භාරගැනීම අගෝස්තු 7 වැනිදායින් අවසන් වන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගූගල් පෝරමයට පිවිසීම සඳහා

https://tinyurl.com/Fishing-Cat-Cubs සබැඳිය භාවිත කළ හැකිය.

Related articles

spot_img
error: Content is protected !!