අද (03) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 13,592ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1411ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 07ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,121ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම මිලියන 195
- කොමර්ෂල් බැංකුව මිලියන 145
- ජෝන් කීල්ස් මිලියන 116
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 9.3
- ජෝන් කීල්ස් කොටස් මිලියන 5.8
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 4.2
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- කැලී ඔප්ටිමම් ෆන්ඩ් සමාගම 12%
- සතොස මෝටර්ස් සමාගම 06%
- සිට්‍රස් වස්කඩුව සමාගම 06%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 407
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 352
- සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 336
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 12 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 90ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 78ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් රුපියල් මිලියන 4.4
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ජෝන් කිල්ස් රුපියල් මිලියන 77
- සම්පත් බැංකුව රුපියල් මිලියන 3.5
- ඕවසීස් රියැලිටි සමාගම රුපියල් මිලියන 2.6
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



