අද (04) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 13,399ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2955ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 39ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,082ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- රිල් ප්‍රොපටි සමාගම මිලියන 1066
- ඇක්සස් ඉංජිනියරින් මිලියන 421
- ජෝන් කීල්ස් මිලියන 354
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- රිල් ප්‍රොපටි සමාගම කොටස් මිලියන 44
- ජෝන් කීල්ස් කොටස් මිලියන 17
- ඇක්සස් ඉංජිනියරින් සමාගම කොටස් මිලියන 5.6
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ටෙස් ඇග්‍රො සමාගම 05%
- රෝයල් පාම් බීච් හොටෙල් සමාගම 05%
- සිලෝන් ඉන්වෙස්ට්මන්ට් සමාගම 05%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 405
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 352
- සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 336
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 21 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 1051ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 1030ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 11
- සෙලින්කෝ ඉංෂුවරන්ස් රුපියල් මිලියන 01
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- රිල් ප්‍රොපටි රුපියල් මිලියන 1020
- සම්පත් බැංකුව රුපියල් මිලියන 08
- ටෙක්ස්ටර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 06
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



