28.6 C
Galle

අද කොටස් වෙළඳපල ඉහලට

Published:

අද (05) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 18,688ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 8476ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 84ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,166ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කාර්ගිල්ස් මිලියන 4075
  • හේලීස් සමාගම මිලියන 2158
  • කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම මිලියන 727

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • හේලීස් සමාගම කොටස් මිලියන 9.6
  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් කොටස් මිලියන 9.2
  • කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම කොටස් මිලියන 6.8

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස් එම් බී ලීසින් එක්ස් සමාගම 50%
  • ඇග්ස්ට්‍රා පෝර සමාගම 10%
  • සිට්‍රස් හික්කඩුව 08%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 404
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 354
  • සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 337

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 39 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 4911ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 4872ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 03
  • පික්මී සමාගම රුපියල් මිලියන 02
  • ලංකා අයි ඕ සී සමාගම රුපියල් මිලියන 01

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • කාර්ගිල්ස් සමාගම රුපියල් මිලියන 4070
  • කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම රුපියල් මිලියන 670
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන‍ 98

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!