අද (06) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ වැඩිම පිරිවැටුමක් වාර්තා කළ සමාගම ලෙස කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම රුපියල් මිලියන 9378ක් සහ කොටස් මිලියන 93ක ගනුදෙනු සිදුකරන ලදී. අද දින තුළදී පමණක් විදේශීය ආයෝජකයන් සතුව තිබූ රුපියල් මිලියන 8397ක කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් විසින් මිලදී ගෙන ඇත.
අද කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 17,192ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 12235ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 102ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,269ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම මිලියන 9378
- යුනයිටඩ් මෝටර්ස් සමාගම මිලියන 1037
- නේෂන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම මිලියන 401
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම කොටස් මිලියන 93
- යුනයිටඩ් මෝටර්ස් සමාගම කොටස් මිලියන 38
- එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 34
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එබොගවන්තලාව වැවිලි සමාගම 13%
- එක්ස් ටර්මිනේටර් සමාගම 08%
- සිංගර් ෆයිනෑන්ස් 07%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 406
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 354
- සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 337
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 1119 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 9093ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 7974ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- යුනයිටඩ් මෝටර්ස් සමාගම රුපියල් මිලියන 1026
- සී ටී හෝල්ඩිංස් සමාගම රුපියල් මිලියන 22
- ටෝකියෝ සිමෙන්ට් එක්ස් සමාගම රුපියල් මිලියන 03
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම රුපියල් මිලියන 8907
- සම්පත් බැංකුව රුපියල් මිලියන 85
- මෙල්ස්ටා ක්‍රොප් සමාගම රුපියල් මිලියන 09
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



