අද (10) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 17,001ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3811ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 47ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,417ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- රිල් ප්‍රොපටි සමාගම මිලියන 1038
- ඩයලොග් ආසියාටා සමාගම මිලියන 690
- ජෝන් කීල්ස් සමාගම මිලියන 397
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- රිල් ප්‍රොපටි කොටස් මිලියන 42
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 19
- ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 15
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- මයි ලෑන්ඩ් සමාගම 13%
- යූ බී ෆිනෑන්ස් සමාගම 09%
- රේණුක ෆුඩ්ස් එක්ස් 08%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 411
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 354
- සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 337
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 24 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 2380ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 2356ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- හේමාස් හෝල්ඩිංස් සමාගම රුපියල් මිලියන 09
- සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් රුපියල් මිලියන 05
- කොමර්ෂල් බැංකුව එක්ස් සමාගම රුපියල් මිලියන 04
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- රිල් ප්‍රොපටි සමාගම රුපියල් මිලියන 1028
- ඩයලොග් ආසියාටා රුපියල් මිලියන 636
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 346
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



