අද (11) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් වත්කම් අගය රුපියල් බිලියන 407ක් ඉක්මවමින් ඩයලොග් ආසියාටා සමාගම කොළ කොටස් වෙළඳපල සමාගම් අතරින් වටිනාම සමාගම බවට පත්ව ඇත.
අද දින කොළඹ කෙිටස් වෙළඳපල ගනුදෙනු 13,210ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1522ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 14ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,402ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ඩයලොග් ආසියාටා සමාගම මිලියන 264
- ආසිරි හොස්පිටල් සමාගම මිලියන 125
- රිල් ප්‍රොපටි සමාගම මිලියන 106
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඩයලොග් ආසියාටා කොටස් මිලියන 5.9
- රිල් ප්‍රොපටි සමාගම කොටස් මිලියන 4.2
- ආසිරි හොස්පිට්ල් සමාගම කොටස් මිලියන 3.6
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- මිලේනියම් හවුසින් සමාගම 15%
- හුන්නස් හෝල්ඩිංස් සමාගම 09%
- ඒශියා ෂියාකා එක්ස් 06%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 407
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 352
- සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 337
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 56 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 412ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 356ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- එන් ඩී බී බැංකුව සමාගම රුපියල් මිලියන 16
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 02
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 252
- සම්පත් බැංකුව රුපියල් මිලියන 31
- ඒ සී එල් කේබල්ස් සමාගම රුපියල් මිලියන 30
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



