අද (12) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ මෙල්ස්ටා ක්‍රොප් සමාගම රුපියල් මිලියන 663ක ගනුදෙනු වාර්තා කරමින් වැඩිම පිරිවැටුමක් වාර්තා කරන ලද අතර විශේෂත්වය වන්නේ එකී සම්පූර්ණ මුදලින් රුපියල් මිලියන 652ක්ම දේශීය ආයෝජකයන් විසින් මිලදී ගෙන තිබීමයි.
අද දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 14,330ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2055ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 15ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,418ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- මෙල්ස්ටා ක්‍රොප් සමාගම මිලියන 663
- සම්පත් බැංකුව මිලියන 167
- සියරා කේබල් සමාගම මිලියන 138
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 6.4
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 6.1
- සියරා කේබල් සමාගම කොටස් මිලියන 4.3
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ටෙස් ඇග්‍රො සමාගම 11%
- සොෆ්ට් ලොජික් හෝල්ඩිංස් සමාගම 05%
- ඔනලි හෝල්ඩිංස් සමාගම 05%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 414
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 354
- සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 337
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 684 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 213ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 471ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- මෙල්ස්ටා ක්‍රොප් සමාගම රුපියල් මිලියන 652
- එන් ඩී බී බැංකුව රුපියල් මිලියන 09
- කන්වීනියන් ෆුඩ්ස් රුපියල් මිලියන 4.5
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- සම්පත් බැංකුව රුපියල් මිලියන 88
- සිලෝන් ගාඩියන් රුපියල් මිලියන 37
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 30
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



