29.1 C
Galle

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්දව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අනතුරු අඟවයි

Published:

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට යෝජිත ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය දැඩි අවධානය යොමු කර තිබේ. එම සංශෝධනය අධිකරණ ස්වාධීනත්වයට හානි කළ හැකි බවත්, බලය බෙදීමේ මූලධර්මයට අනතුරුදායක විය හැකි බවටත් ඇය අනතුරු අඟවයි.

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 63 සිට 65 දක්වාත් වැඩි කිරීමට නියමිතය. ෙ

මෙම සංශෝධනය අනාගතයේදී පත්වන විනිසුරුවරුන්ට පමණක් සීමා නොවී, දැනට සේවයේ යෙදෙන විනිසුරුවරුන්ගේ ධුර කාලය ද දීර්ඝ කරයි. එය අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ස්ථාපිත කර ඇති ආරක්ෂණ බාධක ලිහිල් කිරීමක් ලෙස සැලකිය හැකි බව විශේෂ නියෝජිතවරිය පෙන්වා දෙයි.

මෙම සංශෝධනය සාමන්‍ය රීතියකට වඩා ක්ෂනික ආයතනික ප්‍රයෝජනයක් සඳහා අධිකරණයේ සංයුතිය වෙනස් කිරීමක් ලෙස වටහා ගැනීමට ඉඩ ඇත.

මෙම සංශෝධනයෙන් ප්‍රතිලාභ ලබන විනිසුරුවරුන්ටම, එම සංශෝධනයේ ආණ්ඩුක්රම ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ නඩු විභාග කිරීමට සිදුවිය හැකි අවස්ථාවක් පවතී. මෙය මහජන විශ්වාසයට බරපතල ලෙස බලපෑ හැකි බව විශේෂ නියෝජිතවරිය අවධාරණය කරයි .

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ද මෙම යෝජනාවට දැඩි විරෝධය පළ කර ඇත. රජය ප්‍රකාශ කරන පරිදි නඩු ප්‍රමාදය අවම කිරීම යන අරමුණ සහ විශ්‍රාම වයස වැඩි කිරීම අතර පැහැදිලි සම්බන්ධයක් නොමැති බවත්, මෙම සංශෝධනය අධිකරණය කෙරෙහි විශ්වාසය ඛාදනය කරන බවත් ඔවුන් පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය රජයෙන් ඉල්ලා සිටින්නේ, අධිකරණ විශ්‍රාම වයසේ ඕනෑම වෙනසක් විනිවිද පෙනෙන, පුළුල් සාකච්ඡා සහිත ක්‍රියාවලියක් හරහා සිදු කරන ලෙසටයි .

Related articles

spot_img
error: Content is protected !!