ඊයේ (12) දිනයේ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ ඩයලොග් ආසියාටා සමාගමේ සියලු කොටස් වත්කම රුපියල් බිලියන 414ක් වූ අතර දිනය අවසානයේ එකී සියලු කොටස් වත්කම රුපියල් බිලියන 425ක් ලෙස වාර්තා විය. ඒ අනුව එක් දිනයක් තුළ ඩයලොග් ආසියාටා සමාගමේ සියලු කොටස් වත්කම රුපියල් බිලියන 11කින් ඉහල යෑම විශේෂත්වයකි.
අද (13) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 17,627ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2777ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 120ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,539ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සම්පත් බැංකුව මිලියන 829
- සියරා කේබල් මිලියන 280
- ජෝන් කීල්ස් සමාගම මිලියන 136
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සියරා කේබල් සමාගම කොටස් මිලියන 8.5
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 6.8
- ඇග්ස්ටා ෆර්ටිලයිසර් සමාගම කොටස් මිලියන 6.6
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සැම්සන් ඉන්ටර්නැෂනල් සමාගම 11%
- එල් සී බී ෆිනෑන්ස් සමාගම 11%
- එච් එන් බී ලීසින් සමාගම 10%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 425
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 354
- සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 337
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 32 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 657ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 625ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- ඩිප් ප්‍රොඩක්ට් සමාගම රුපියල් මිලියන 14
- සොෆ්ට් ලොජික් ලයිෆ් රුපියල් මිලියන 08
- හේකාබ් රුපියල් මිලියන 01
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- සම්පත් බැංකුව රුපියල් මිලියන 586
- ටෝකියෝ සිමෙන්ට් එක්ස් රුපියල් මිලියන 45
- ඩිස්ටිලරීස් සමාගම රුපියල් මිලියන 09
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



