අද (13) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 17,569ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2241ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 84ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,623ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- රිල් ප්‍රොපටි මිලියන 660
- මෙල්ස්ටා ක්‍රොප් මිලියන 205
- කොමර්ෂල් බැංකුව එක්ස් මිලියන 96
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- රිල් ප්‍රොපටි සමාගම කොටස් මිලියන 26
- එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 4.5
- ඇග්ස්ටා ෆර්ටිලයිසර් සමාගම කොටස් මිලියන 3.1
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ආර්පිකෝ ඉන්ෂුවරන්ස් සමාගම 11%
- කප්රුක සමාගම 07%
- ටෙස් ඇග්‍රො එක්ස් සමාගම 07%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 433
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 354
- සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 342
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 27 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 723ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 696ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 10
- සොෆ්ට් ලොජික් ලයිෆ් රුපියල් මිලියන 04
- සෙලින්කෝ ඉංෂුවරන්ස් එක්ස් රුපියල් මිලියන 04
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- රිල් ප්‍රොපටි රුපියල් මිලියන 549
- එයිට්කන් ස්පෙන්ස් රුපියල් මිලියන 54
- සම්පත් බැංකුව රුපියල් මිලියන 05
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



