අඟුලාන මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි පුද්ගලයන් 11 දෙනකු මේ වනවිට මුදාගෙන තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ පුද්ගලයන් 12 දෙනකු සිට ඇති අතර, ඉන් එක් අයකු මේ වනවිට අතුරුදන්ව ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
මුදාගත් පිරිස අතරින් අට දෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
අතුරුදන්ව සිටින නාවික හමුදා සාමාජිකයා සොයා ගැනීම සඳහා නාවික හමුදාව විසින් සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද එක්ව ඇති අතර, බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් සෙවීම් කටයුතු සඳහා යොදවා තිබේ.
අනතුරට හේතුව සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් තොරතුරු අනාවරණය වී නොමැති අතර, අතුරුදන්ව සිටින පුද්ගලයා සොයා ගැනීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.



