ඩයලොග් ආසියාටා සමාගම සිකුරාදා දිනයේ කොටස් වත්කම ලෙස රුපියල් බිලියන 433ක් වාර්තා කළ අතර එය අද (17) දිනයේ තවත් රුපියල් බිලියන අටකින් වැඩිවී කොළඹ කොටස් පෙළඳපල වටිනාම සමාගම ලෙස රුපියල් බිලියන 441ක අගයක් වාර්තා විය. ඩයලොග් ආසියාටා සමාගම තම කොටස් හිමියන් වෙත එක් කොටසක් සඳහා ශත 70ක දෙවන අන්තර් ලාභාංශයක් ද අද දිනයේ ප්‍රකාශයට පත්කරන ලදී.
අද දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 16,663ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1890ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 66ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,616ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- මෙල්ස්ටා ක්‍රොප් මිලියන 599
- ඩයලොග් ආසියාටා මිලියන 93
- සම්පත් බැංකුව මිලියන 81
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 5.9
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 3.3
- මෙල්ස්ටා ක්‍රෙප් සමාගම කොටස් මිලියන 3.1
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම 11%
- රේණුක හෝල්ඩිංස් සමාගම 04%
- ගෙස්ටෙට්නර් සමාගම 04%
- ඊස්ට් වෙස්ට් සමාගම03%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 441
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 354
- සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 341
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 14 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 488ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 474ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්මන්ට් රුපියල් මිලියන 4.6
- නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 1.9
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 01
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- මෙල්ස්ටා ක්‍රොප් රුපියල් මිලියන 377
- එයිට්කන් ස්පෙන්ස් රුපියල් මිලියන 53
- සම්පත් බැංකුව රුපියල් මිලියන 42
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



