31.2 C
Galle

කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

Published:

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.

විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පෙරවරුවේ රෝද පුටුවකින් අල්ලස් කොමිසම වෙත පැමිණ තිබූ අතර, එහිදී අදාළ විමර්ශනයට අදාළව ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

රූපවාහිනී සංස්ථාවට අනුබද්ධ කාර්ය මණ්ඩලයට අනුමත සංඛ්‍යාව ඉක්මවා සේවකයන් හය දෙනෙකු බඳවා ගැනීමෙන් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බවට කෙහෙළිය රඹුක්වැල්ල මහතාට චෝදනා එල්ල වී ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබූ බව වාර්තා වේ.

ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!