අද (18) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ ජෝන් කීල්ස් හෝල්ඩිංස් සමාගම වැඩිම පිරිවැටුම ලෙස රුපියල් මිලියන 699ක් ලෙස ද වැඩිම කොටස් හුවමාරුවක් ලෙස කොටස් මිලියන 35ක් ද ගනුදෙනු විය.
අද දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 15,287ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2036ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 137ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,479ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් මිලියන 699
- ආසිරි සර්ජිකල් මිලියන 176
- මෙල්ස්ටා ක්‍රොප් මිලියන 157
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 35
- ආසිරි සර්ජිකල් සමාගම කොටස් මිලියන 12
- සියරා කේබල්ස් සමාගම කොටස් මිලියන 02
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම 11%
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම 16%
- මුලර්ස් සමාගම 04%
- සී ටී හෝල්ඩිංස් සමාගම 04%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 432
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 353
- සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 342
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 42 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 648ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 606ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්මන්ට් රුපියල් මිලියන 03
- සම්පත් බැංකුව බැංකුව රුපියල් මිලියන 02
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ජෝන් කීල්ස් රුපියල් මිලියන 567
- බුකිට් දාරා රුපියල් මිලියන 25
- මෙල්ස්ටා ක්‍රොප් රුපියල් මිලියන 19
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



