2027 මාර්තු වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවට ඇති ගිවිසුම අවසන් වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ 2028 වසරෙන් පසු යළි විදේශ ණය ගෙවීමට සිදුවන බැවින්, එම අවස්ථාව වන විට රටේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 15ක් පමණ විය යුතු බවයි.
මේ වසර අවසන් වන විට සංචිතය ඩොලර් බිලියන 8ක් දක්වා ඉහළ යනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරන බවත්, එසේ වුවහොත් තවත් ඩොලර් බිලියන 6ක් සොයා ගැනීම රට හමුවේ ඇති ප්‍රධාන අභියෝගයක් බවත් ඔහු සඳහන් කළේය.
රට යළි ණය ගෙවීමේ හැකියාව ඇති කරගැනීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව පවසන හිටපු ජනාධිපතිවරයා, එසේ නොකළහොත් රට යළිත් බංකොලොත් තත්ත්වයකට පත්වීමේ අවදානමක් ඇති බවද අනතුරු ඇඟවීය.
ඔහු මේ බව පැවසුවේ හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ “යුධ දෙකකට උර දී” ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.



