29.6 C
Galle

මහනුවරදී සැකකටයුතු පකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට

Published:

මහනුවර දළදා පෙරහරේ පළමු කුඹල් පෙරහර ඊයේ (18) රාත්‍රියේ වීථි සංචාරය ආරම්භ කළ අවස්ථාවේ රජ මාවත ආසන්නයේදී සැකකටයුතු ලෙස හැසිරුණු පකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ආරක්ෂක අංශ පැමිණෙන විට බියට පත්ව පලා යාමට උත්සාහ කළ ඔහු යුද හමුදා බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදී තිබේ.

ජාතික බුද්ධි මධ්‍යස්ථානයේ උපදෙස් මත සැකකරු ත්‍රස්ත විමර්ශන කාර්යාංශයට භාරදී ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.

මේ අතර පෙරහර ඇතුළු විශාල ලෙස ජනතාව ගැවසෙන ස්ථානවලදී විමසිලිමත්ව සිටින ලෙසත් සැකකටයුතු පුද්ගලයන් හෝ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ලැබුණහොත් වහාම ආරක්ෂක අංශ වෙත දැනුම් දෙන ලෙසත් ආරක්ෂක අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related articles

spot_img
error: Content is protected !!