සැප්තැම්බර් 19 වැනිදා සිට අධිවේගී මාර්ගයට ඇතුළු කරන සියලු වාහනවල ගමන් කරන රියදුරන් සහ මගීන් ආසනපටි පැළඳීම අනිවාර්ය බව පොලිසිය පවසයි.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පැවසුවේ මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
ආසනපටි නොපැළඳ ගමන් කරන පුද්ගලයකුට රුපියල් 1,000ක දඩ මුදලක් නියම කළ හැකි බවද ඔහු සඳහන් කළේය.
අධිවේගී බස් රථවල ආසනපටි නොපැළඳ සිටින මගීන්ගෙන්ද මෙම දඩ මුදල අයකර ගැනීමට නීතිමය හැකියාව පවතින බව පොලිසිය පවසයි.
රිය අනතුරුවලදී ආසනපටි නොපැළඳීම හේතුවෙන් සිදුවන ජීවිත හානි ඉහළ යමින් පවතින බැවින් සියලු මගීන් ආසනපටි භාවිත කිරීමේ වැදගත්කම දැඩිව අවබෝධ කරගත යුතු බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.
මේ අතර මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා පැවසුවේ ආසනපටි නොමැති වාහන සඳහා ඒවා සවිකර ගැනීමට ලබාදී තිබූ සහන කාලයද සැප්තැම්බර් 19 වැනිදා අවසන් වන බවයි.
2025 සැප්තැම්බර් 25 වැනිදා නිකුත් කළ අංක 2455/29 දරන ගැසට් නිවේදනයට අනුව අධිවේගී මාර්ගවල සියලු වාහන සඳහා ආසනපටි පැළඳීමේ නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.
ජීවිත ආරක්ෂාව ප්‍රමුඛ කරගනිමින් ආසනපටි භාවිත කිරීම සඳහා රියදුරන් සහ මගීන් සියලුදෙනාගේ සහයෝගය අවශ්‍ය බව පොලිසිය වැඩිදුරටත් පවසයි.



