හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ, දේශානි ගුණරත්න මහත්මියගේ මරණය සම්බන්දව මහේස්ත්‍රාත් පරීක්ෂණය හෙට (20) ගාල්ල ජාතික රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇත.
මියයන විට 55 හැවිරිදි වියේ පසුවූ දෙදරු මවක් වූ ඇය හිටපු කැබිනට් අමාත්‍යවරයකු සහ මොනරාගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳයි.
පසුගිය 14 වැනිදා තණමල්විල ප්‍රදේශයේ ඔවුන්ට අයත් ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක දෙවැනි මහලෙන් බිමට වැටීමෙන් ඇය අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ දේශානි ගුණරත්න මහත්මිය ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර, අද (19) ඇය මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය හෙට (20) ගාල්ල ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේදී පැවැත්වීමට නියමිතය.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව දේහය අවසන් කටයුතු සඳහා ඥාතීන් වෙත භාරදීමට නියමිත බව සඳහන් වේ.
ජගත් පුෂ්පකුමාර මහතා මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති අතර විවිධ අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර ද හොබවා තිබේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල තොරතුරු අනුව ඔහු 2020 සිට 2024 දක්වා නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඇත.



