29.7 C
Galle

සෙලාන් බැංකුවේ කොටස් විදේශීය ආයෝජකයන් මිලදී ගනී

Published:

අද (18) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 274ක කොටස් මිලදී ගෙන ඇති අතර මිලියන 171ක කොටස් විකුණා තිබේ. ඒ අනුව යම් කාල සීමාවකට පසු විදේශීය ආයෝජකයන් අද දිනය තුළදී පමණක් රුපියල් මිලියන 103ක මුදලක් ශුද්ධ ලෙස කොළඹ කොටස් වෙළඳපල තුළට අළුතින් ආයෝජනය කර තිබේ. ඊට අමතරව අද දිනය තුළදී විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 197ක සෙලාන් බැංකු කොටස් මිලදී ගැනීම ද විශේෂත්වයකි.

අද දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 11,409ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1539ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 62ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,416ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සන්ශයින් හෝල්ඩිංස් මිලියන 220
  • සෙලාන් බැංකුව මිලියන 197
  • ඩයලොග් ආසියාටා මිලියන 163

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සන්ෂයින් හෝල්ඩිංස් සමාගම කොටස් මිලියන 7.4
  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 4.7
  • හේමාස් හෝල්ඩිංස් සමාගම කොටස් මිලියන 3.7

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස් එම් බී ලීසින් එක්ස් සමාගම 33%
  • කැලී ඔප්ටිමම් ෆන්ඩ් සමාගම 16%
  • ස්ටෑන්ඩඩ් කැපිටල් සමාගම 08%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 427
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 353
  • සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 343

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 274 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 171ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 103ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • සෙලාන් බැංකුව රුපියල් මිලියන 197
  • රේණුක ෆුඩ්ස් රුපියල් මිලියන 34
  • රේනුක හෝල්ඩින් එක්ස් රුපියල් මිලියන 33

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ඩයලොග් ආසියාටා රුපියල් මිලියන 160
  • ඩී එෆ් සී සී බැංකුව රුපියල් මිලියන 3.8
  • එච් එන් ඩී ෆයිනෑන්ස් රුපියල් මිලියන‍ 3.7

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!