අද (18) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ ඩයලොග් ආසියාටා සමාගම වටිනාම සමාගම ලෙස පළමු ස්ථානයට පත්විය. එහිදී සමස්ථ කොටස් මිල වටිනාකම රුපියල් බිලියන 429 ඉක්මවීම විශේෂයකි.
අද කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 11,638ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1502ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 10ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,405ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- හැටන් නැෂනල් බැංකුව එක්ස් මිලියන 172
- සෙලාන් බැංකුව මිලියන 149
- එච් එන් බී ලයිෆ් මිලියන 95
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එච් එන් බී ෆයිනෑන්ස් සමාගම කොටස් මිලියන 5.7
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 4.7
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 3.4
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම 16%
- මර්කන්ටයිල් ෂිපින් සමාගම 11%
- ආගරපතන වැවිලි සමාගම 08%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 429
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 351
- සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 342
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 47 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 72ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 25ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- සෙලින්කෝ රක්ෂණ සමාගම එක්ස් රුපියල් මිලියන 25
- හේකාබ් සමාගම රුපියල් මිලියන 04
- සම්පත් බැංකුව රුපියල් මිලියන 03
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- එච් එන් බී ලයිෆ් රුපියල් මිලියන 30
- එච් එන් බී බැංකුව එක්ස් රුපියල් මිලියන 13
- ඩයලොග් ආසියාටා රුපියල් මිලියන 10
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



