30 C
Galle

2027 පාසල් වාර සහ විභාග කාල සටහන නිකුත් කෙරේ

Published:

2027 වසර සඳහා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පාසල් වාර ආරම්භ වන හා අවසන් වන දිනයන් ඇතුළත් නිල කාල සටහන අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

අදාළ චක්‍රලේඛයට අනුව 2027 අධ්‍යයන වර්ෂය ජනවාරි 4 වැනිදා ආරම්භ වීමට නියමිතය.

සිංහල හා දෙමළ පාසල් සඳහා මෙන්ම මුස්ලිම් පාසල් සඳහාද වෙන වෙනම පාසල් වාර කාලසටහන් ප්‍රකාශයට පත් කර ඇති අතර, වසර පුරා පැවැත්වීමට නියමිත විභාග සහ පාසල් නිවාඩු දිනද ඒ අනුව සැලසුම් කර තිබේ.

2027 වසර තුළ රජයේ නිවාඩු දින පිළිබඳ ලැයිස්තුවද අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

පාසල්වල අධ්‍යයන කටයුතු, විභාග, පාසල් වාර සහ නිවාඩු කාලසීමා නිසි පරිදි සැලසුම් කර ගැනීම සඳහා මෙම නිල වාර සටහන භාවිත කරන ලෙස අධ්‍යාපන බලධාරීන් දැනුම් දී තිබේ.

2027 වසරේ පාසල් වාර සටහනට අදාළ සම්පූර්ණ දිනයන් සහ රජයේ නිවාඩු දින අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිල චක්‍රලේඛයේ සඳහන් වේ.

Related articles

spot_img
error: Content is protected !!