අද (21) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ රුපියල් මිලියන 297ක පිරිවැටුමක් වාර්තා කරමින් සියරා කේබල්ස් සමාගම අද දිනය තුළ වැඩිම පිරිවැටුම වාර්තා කරන ලදී.
අද කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 12,417ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1219ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 10ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,416ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සියරා කේබල් සමාගම මිලියන 297
- පෑන් ඒෂියා බැංකුව මිලියන 93
- ජෝන් කීල්ස් සමාගම මිලියන 92
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සියරා කේබල්ස් සමාගම කොටස් මිලියන 8.6
- එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 7.4
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 4.6
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සෙරන්ඩිබ් හෝටල් සමාගම 09%
- සියරා කේබල් සමාගම 06%
- සී ඩී බී බැංකුව 05%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 432
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 351
- සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 342
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 30 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 88ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 58ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- සෙලින්කෝ ඉන්ෂුවරන්ස් එක්ස් සමාගම රුපියල් මිලියන 04
- සම්පත් බැංකුව රුපියල් මිලියන 03
- ලංකා මිල්ක් ෆුඩ්ස් රුපියල් මිලියන 02
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- සිලෝන් ටුබැකෝ රුපියල් මිලියන 325
- ඒ සී එල් කේබල්ස් එක්ස් රුපියල් මිලියන 21
- ඩයලොග් ආසියාටා රුපියල් මිලියන 11
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



