අද (28) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 36කින් ඉහල ගිය අතර වින්ඩ් ෆෝස් සමාගමේ කොටස් මිලියන 12.7ක් ගනුදෙනු වීමෙන් පසුව රුපියල් මිලියන 494ක ඉහලම පිරිවැටුමක් වාර්තා කරන ලදී.
අද දින කොටස් වෙළඳපල ගනුදෙනු 17,470ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2204ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 36ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,315ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- වින්ඩ් ෆෝස් සමාගම මිලියන 494
- පික්මී සමාගම මිලියන 257
- සියරා කේබල්ස් සමාගම මිලියන 245
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- වින්ඩ් ෆෝස් සමාගම කොටස් මිලියන 12
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 08
- සොෆ්ට් ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 07
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ෂුවර් මී සමාගම 11%
- මහවැලි කොකනට් සමාගම 10%
- කේබල් සොලූෂන් සමාගම 08%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 428
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 351
- සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 336
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 850 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 824ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 26ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 56
- සෙලින්කෝ ඉන්ෂුවරන්ස් එක්ස් රුපියල් මිලියන 21
- සම්පත් බැංකුව රුපියල් මිලියන 11
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 56
- ජෝන් කීල්ස් රුපියල් මිලියන 04
- ඕවර්සීස් රියැලිටි සමාගම රුපියල් මිලියන 03
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



