30.9 C
Galle

දරුවන් දෙදෙනා පාසලට දාන්න ලක්ෂ දෙකහමාරක අල්ලසක් ඉල්ලූ විදුහල්පති රිමාන්ඩ්

Published:

දරුවන් දෙදෙනෙකු පාසලට ඇතුළත් කරදීම සඳහා අල්ලස් මුදල් ඉල්ලා ලබාගැනීමට උත්සාහ කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගත් ගාල්ල උණවටුන බොනවිස්ටා විදුහලේ විදුහල්පති රංජිත් ෆොන්සේකා මහතා ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩංගොඩ මහතා අද (08) නියෝග කළේය.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දරුවන් දෙදෙනා පාසලට ඇතුළත් කරදීම සඳහා මුලින් රුපියල් ලක්ෂ හයක මුදලක් ඉල්ලා පසුව එය රුපියල් ලක්ෂ තුනක් දක්වා අඩු කර ඇති බවයි.

ඉන් රුපියල් ලක්ෂ එකහමාරක් ලබාගෙන එක් දරුවකු පළමු ශ්‍රේණියටත්, තවත් රුපියල් 50,000ක් ලබාගෙන අනෙක් දරුවා අටවැනි ශ්‍රේණියටත් ඇතුළත් කරදීමට කටයුතු කර ඇති බව සඳහන් වේ.

පසුව දරුවන් දෙදෙනා පාසලේ තබා ගැනීම සඳහා තවත් රුපියල් ලක්ෂ දෙකහමාරක් ඉල්ලා ඇති අතර, එය ලබා නොදුනහොත් දරුවන් පාසලෙන් ඉවත් කරන බවට පවසා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

එම මුදල අල්ලස් වශයෙන් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී සැකකාර විදුහල්පතිවරයා ඊයේ (07) දෙවට ප්‍රදේශයේ ආපනශාලාවකදී අල්ලස් හා දූෂණ කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ගාල්ල වරාය පොලිසියේ රඳවා තබාගෙන අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!