27.5 C
Galle

සන්ෂයින් හෝල්ඩිංස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි

Published:

අද (16) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ සන්ෂයින් හෝල්ඩිංස් සමාගම කොටස් මිලියන 21ක් හුවමාරු වෙමින් රුපියල් මිලියන 616ක වැඩිම පිරිවැටුමක් වාර්තා කරන ලදී.

අද කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 14,791ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1628ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 128ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,133ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම මිලියන 616
  • ජෝන් කීල්ස් මිලියන 176
  • එලිෆන්ට් හවුස් සමාගම මිලියන 78

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සන්ෂයින් හෝල්ඩිංස් සමාගම කොටස් මිලියන 21
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 09
  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බන්සෙයි රිසෝට් සමාගම 07%
  • නමුණුකුළ වැවිලි සමාගම 06%
  • රේණුක හෝල්ඩිංස් සමාගම 05%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 422
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 337
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 334

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 48 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 56ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 08ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 04
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 04
  • සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් මිලියන 02

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ඕවසීස් රියලිටි සමාගම රුපියල් මිලියන 15
  • එච් සෙනිඩ් සමාගම රුපියල් මිලියන 05
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 04

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!