අද (16) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 15,854ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1143ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 213ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 20,185ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ටී අයි සී එක්ස් සමාගම මිලියන 127
- කොමර්ෂල් බැංකුව මිලියන 112
- සී අයි සී සමාගම මිලියන 56
වැඩිම කොටස් ප්රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස් එම් බී ලීසින් එක්ස් සමාගම කොටස් මිලියන 10
- එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 08
- සී අයි සී එක්ස් සමාගම කොටස් මිලියන 05
වැඩිම ප්රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ඩස්ට්රියල් ඇස්හෝල්ට් සමාගම 20%
- සොෆ්ට් ලොජික් ෆයිනෑන්ස් සමාගම 17%
- සොෆ්ට් ලොජික් කැපිටල් සමාගම 15%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 404
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 331
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 325
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 46 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 54ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 08ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- ඊ බී ක්රීසි සමාගම රුපියල් මිලියන 05
- හේලීස් සමාගම රුපියල් මිලියන 04
- එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 03
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- රිල් ප්රොපටි සමාගම රුපියල් මිලියන 12
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 08
- පික්මී සමාගම රුපියල් මිලියන 04
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්ර නාරංගොඩ



