29.4 C
Galle

මරණ සංඛ්‍යාව 118 දක්වා ඉහළට

Published:

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් දෙදෙනකු පිළිබඳ විස්තර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් ප්‍රකාශයට ත්කර ඇත.

ගලහ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් පේරාදෙණිය රෝහල නොවැම්බර් 27 වැනි දින ඇතුළත් කරන විට මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ කොරෝනා ආසාදනය වීමෙන් ඇති වූ හෘදයාබාධයකි.

අටලුගම පදිංචි 81 හැවිරිදි කාන්තාවක් 28 වැනි දින නිවසේ දී මියගොස් ඇති. කොරෝනා සමඟ උඋග්‍රවූ අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ රුධිරගත කොලෙස්ටරොල ප්‍රමාණය ඉහළ යාමයි.

මේ මරණ දෙකත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ථ මරණ සංඛ්‍යාව 118ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

spot_img
error: Content is protected !!