30.5 C
Galle

ධීවර යාත්‍රා බේරාගැනීමට හැකිතාක් ගොඩබිමට අදින්න යැයි රජය දැනුම් දෙයි

Published:

“බුරවි” සුළි කුණාටුවේ බලපෑම දිවයිනේ සියලු ප්‍රදේශවලට මේ වනවිටත් දැනෙමින් පවතින බැවින් හැකිතාක් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි. මේ පිළිබඳ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලු දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දී ධීවරයන් දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇත.

මෙම අවස්ථාවේ දී ස්වභාවික ආපදාවක් හේතුවෙන් ඉතා හානිදායක ලෙස විශාල යාත්‍රා ප්‍රමාණයක් විනාශ වීම වළක්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බැවින් මේ සම්බන්ධව දැඩි අවධානයක් යොමුකර ධීවර යාත්‍රාවන්හි ආරක්ෂාවට වහාම කටයුතු යොදන මෙන් සියලු පාර්ශවයන් වෙත රජය දැනුම් දෙයි.

Related articles

spot_img
error: Content is protected !!