27.3 C
Galle

ඊයේ කොළඹින් රෝගීන් 402ක්. පදිංචි ප්‍රදේශයක් නොදන්නා 44ක්

Published:

ඊයේ (03) දිනයේදී අලුතින් කොවිඩ් ආසාදිතයින් 628 දෙනෙකු හඳුනාගැණුනු අතර ඉන් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකි.

ඒ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින්ගේ සංඛ්‍යා 26,038 කි.

ඊයේ (03) දිනයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 402කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 66ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු ද වාර්තා වී තිබුණි.

අනෙක් ආසාදිතයින් 627 දෙනා මීටපෙර හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයින් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 6,878ක් බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

සමස්ත ආසාදිතයින්ගෙන් 19,032 කු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර ඊයේ දිනය තුළ සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 728කි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 22,484ක් වන අතර ඉන් 15,624 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ වනවිට මෙරට තුළ සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද 129ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේ ද කොවිඩ් මරණ 05ක් වාර්තාවීමත් සමගය.

ඊයේ දින කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් දිස්ත්‍රික්ක පහතින් දැක්වේ.

කොළඹ දිස්ත්‍රික්කය – 402
ගම්පහ දිස්ත්‍රික්කය – 66
රත්නපුර දිස්ත්‍රික්කය – 35
කළුතර දිස්ත්‍රික්කය – 30
ගාල්ල දිස්ත්‍රික්කය – 15
අම්පාර දිස්ත්‍රික්කය – 14
කෑගල්ල දිස්ත්‍රික්කය – 07
කුරුණෑගල දිස්ත්‍රික්කය – 04
අනුරාධපුර දිස්ත්‍රික්කය – 02
මාතර දිස්ත්‍රික්කය – 02
මහනුවර දිස්ත්‍රික්කය – 01
නුවරඑළිය දිස්ත්‍රික්කය – 01
මුලතිව් දිස්ත්‍රික්කය – 01
මොනරාගල දිස්ත්‍රික්කය – 01
මාතලේ දිස්ත්‍රික්කය – 01
යාපනය දිස්ත්‍රික්කය – 01

ප්‍රදේශය හඳුනානොගත් ආසාදිතයින් – 44

Related articles

spot_img
error: Content is protected !!