27.1 C
Galle

කරාපිටිය රෝහලේ වාට්ටුවක් වසා දමයි

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ වාට්ටු අංක 23හි නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි තරුණියක කොරෝනා ආසාදිත වීම හේතුවෙන් එම වාට්ටුව තාවකාලිකව වසා දමා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඇල්පිටියේ පදිංචි මෙම තරුණිය පානදුරේ පුද්ගලික ආයතනයක සේවිකාවකි. ඊයේ (07) ඇය රෝහල් ගතවී ඇති අතර එහිදී සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයේ ප්‍රථිපල අනුව ඇය ආසාදිත බව අද(08) තහවුරු වී තිබේ.

මෙම තරුණිය වාට්ටුවෙන් පැනයෑමට උත්සාහ දැරූ අවස්ථාවේදී ඇය වැළැක්වීමට කටයුතු කළ වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩලයේ කිහිපදෙනකු ද නිරෝධායනයට යොමුකර තිබේ. අනිකුත් රෝගීන් ද නිරෝධායනයට යොමුකර ඇති අතර රෝගීන් ඇතුලත් කිරීම සහ පිටකිරීම නවතා දමා වාට්ටුව තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!