කොළඹ දී PCR කර හොරෙන් බද්දේගමට ආ රජයේ සේවකයකුට කොරෝනා

0
1441

රජයේ මුද්‍රණාලයේ සේවය කරන බද්දේගම අම්පේගම පදිංචි පුද්ගලයකු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොළඹ දී අහඹු ලෙස පීසීආර් පරික්ෂණයක් සිදුකිරීමෙන් පසු ඔහුට තම නිවසට නොගොස් නිරෝධායනය වී සිටින්න යැයි උපදෙස් දී තිබිය දී ඔහු පොදු ප්‍රවාහන සේවා ද භාවිතා කරමින් අම්පේගම ඇති තම නිවසට පැමිණ ඇතැයි අනාවරණය වී ඇත.

මෙම පුද්ගලයාගේ බිරිඳ ඇල්පිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හෙදියකි. සෞඛ්‍ය අංශ පවසන්නේ නිරෝධායන උපදෙස් පිළිනොපැදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here