26 C
Galle

ඇඳිරිනීතිය සතියකින් දීර්ඝ කරයි

Published:

බස්නාහිර පළාතට පනවා තිබූ නිරෝධායන ඇඳිරිනීතිය හෙට (02) අළුයම 5.00 සිට ලබන සඳුදා (09) දක්වා දීර්ඝ කරන බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ අතර කුලියාපිටිය හා ඇහැලියගොඩ පොලිස් බලප්‍රදේශවලටත් කුරුණෑගල නගර සභා සීමාවටත් හෙට අළුයම 5.00 සිට ලබන සදුදා (09) දක්වා ඇඳිරිනීතිය පනවා ඇත.

මෙම ඇදිරිනීතිය පවත්නා කාලයේ දී රැකියා අවශ්‍යතා මත පමණක් කාර්යාල හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිතා කරමින් ගමන් කළ හැකි බව ද හමුදාපතිවරයා පැවසීය. ඇඳිරිනීතිය පනවා නොමැති ප්‍රදේශවල ජනතාව ද අත්‍යාවශ්‍ය ගමන් බිමන් සීමා කරමින් හැකිතාක් නිවසේ රැඳී සිට කොරෝනා වසංගතය මර්ධනයට සහය දෙන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය.

Related articles

Recent articles

error: Content is protected !!