24.8 C
Galle

ආසාදිතයන් 11,607ක් දක්වා ඉහළට

Published:

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 272ක් අද (03) වාර්තා වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මේ අතරින්න 269 දෙනකු ම ආශ්‍රිතයන් බවත් අනෙක් 03 දෙනා වාර්තා වන්නේ නිරෝධායන මධ්‍යස්ථානවලින් බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ අනුව මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාව ආශ්‍රයෙන් ගොඩනැගුණු කොරෝනා පොකුරේ ආසාදිත සංඛ්‍යාව 8129 දක්වා ඉහළ ගොස් තිබේ.  මේ වනවිට මෙරටින් වාර්තා වි ඇති සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 11,607කි. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 6005 ක් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 5581 දෙනෙකි. මරණ 23ක් වාර්තා වී ඇත.

Related articles

Recent articles

error: Content is protected !!