24.8 C
Galle

සිරකරුවන් 43ක් පකිස්තානයට පිටුවහල්

Published:

මත්ද්‍රව්‍ය චෝදනාවලට වැරදිකරුවන් වූ පකිස්තාන ජාතික සිරකරුව් 43 දෙනකු අද (04) අළුයම මෙරටින් පිටුවහල් කර තිබේ. පකිස්තානයෙන් පැමිණි විශේෂ ගුවන් යානයකින් ඔවුන් ආපසු යවා ඇත්තේ එරට ඉල්ලීමකට අනුවය.  

ශ්‍රී ලකාවේ මහාධිකරණය මගින් වරදකරුවන් බවට පත්කරන ලද ඔවුන් වසර 10-15ක් පමණ සිර දඬුවම් විඳිමින් සිටි පිරිසකි. මොවුන් පකිස්තානයට රැගෙන ගිය පසුඑරට බන්ධනාගාරවලට ඇතුළත් කරන බව ද දැනගන්නට ඇත.

ඊයේ පකිස්තානයේ සිට කටුනායක පැමිණි විශේෂ ගුවන්යානයේ එක් සිරකරුවකු වෙනුවෙන් දෙදෙනා බැගින් ආරක්ෂක නිලධාරින් 86 දෙනකු පැමිණි බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසයි. මෙම යානය ඊයේ (03) රාත්‍රී 10.50ට පමණ කටුනායකට පැමිණ ඇත.

මෙම සිරකරුවන් රැගත් යානය අද අලුයම 4.00ට කටුනායක ගුවන් තොටුපොළේ සිට පකිස්තානයේ ඉස්ලාමාබාද් ගුවන්ත‌ොටුපොළ බලා පියාසර කිරීම ආරම්භ කෙරිණි.

Related articles

Recent articles

error: Content is protected !!