26 C
Galle

දකුණෙන් තවත් රෝගීන් 07ක්. එකතුව 127යි.

Published:

දකුණු පළාතෙන් ඊයේ (04) වාර්තා වූ ආසාදිතයන් 07 දෙනා ඇතුළත්ව මේ වනවිට කොරෝනා ආසාදිතයන් 127 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොවිඩ්-19 තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරී චාමර මහගමගේ මහතා කියා සිටියේ ඊයේ (04) දිනයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 03 දෙනෙක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 02ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 02ක් වාර්තා වූ බවයි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් 03 දෙනා බෝපේ පෝද්දල, බලපිටිය සහ හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල පදිංචිකරුවෝය. මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් දෙදෙනා මාතර මහ නගර සභා බල ප්‍රදේශයේ හා මාතර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පදිංචිව සිටිති. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් හමුවූ ආසාදිතයන් දෙදෙනා හම්බන්තොට හා තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල පදිංචිව සිටි දෙදෙනෙකි.

මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සම්පූර්ණ රෝගීන් සංඛ්‍යාව 87කි. මාතරින් 24ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 16ක් වාර්තා කර ඇත.

දකුණු පළාතේ දැනට සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ ගණන 11,522කි. එය ගාල්ල දිස්ත්‍රික්කයෙන් 7,655ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 1,959ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 1,908ක් වශයෙන් සිදුකර ඇත.

මහගමගේ මහතා පවසන්නේ මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ නිවෙස්වල ම ස්වයං නිරෝධායනයේ යෙදෙන පුද්ගලයන් 2,607ක් බවයි. මාතර දිස්ත්‍රික්කයේ එම සංඛ්‍යාව 1,684ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ 937කි.

මෙම සංඛ්‍යා ලේඛන දැක්වෙන්නේ ඊයේ (04) පැය 16.00 ට යාවත්කාලීන කරන ලද දත්ත ලේඛනයකට අනුවය.

Related articles

Recent articles

error: Content is protected !!